Search This Blog

Saturday, October 13, 2012

ඇරඹුම.


ඇරඹුම.

අනේ මන්දා කොහෙන් පටන් ගන්නද කියලා ඔය කිව්වට ඉතින් දීර්ග ඉතිහාසයක් නෑ ....ඒවා වැඩක් නෑ කතාවට බහිමුකො .කොල්ලට ඒ තරම් වයසක් නෑ ඒ දවස් වල ජිවිතේ ඒ තරම් බරපතල කමක් තේරෙන්නේ නෑ ඔහේ ගෙවිලා යනවා .මුලින් හිටියේ මිශ්‍ර පාසලක ,ටිකක් නෙමේ ගොඩක් විනෝදකාමී චරිතයක් කිසිදෙයක් ගැන වැඩිය හිතන්නේ නෑ ඔහේ එන දේකට මුණ දෙනවා.අපේ සමහර එවුන් 6 වසරේ ඉදලා ආදරේ කරන්න පටන් අරන් තිබුනේ එත් සාමාන්‍ය පෙළ පන්තියට ආවත් මට අදරේ කියන හැඟීම ඒ තරම් දැනිලා තිබුනේ නෑ ,මට හොයන්න උවමනාවක් තිබුනෙත් නෑ .මගේ හොදම යාලුවටත් කෙල්ලෙක් හිටියා එත් මම ඒ දේවල් ගැන හිතන්න ගියේ නෑ ...සාමන්‍ය පෙළ අන්තිම කාලේ මට යාලුවෝ සෙට් එකක් හිටියා කෙල්ලෝ 5 ,කොල්ලෝ පහයි හැමදේටම අපි එකට හිටියේ එකට කෑවා ,බිව්වා .එකට ගමන් ගියා.අපි අතරේ ලොකු බැඳීමක් තිබුනා ....විවිද හේතු නිසා කාලයක් යද්දී කණ්ඩායමේ ප්‍රශ්න ඇති උනා එකත් කණ්ඩායමේ දෙන්නෙක් අතර තිබුන ආදරයක් නිසා ...කොහොමෙන් හරි අපි සාමාන්‍ය පෙලට මුණ දුන්නා ..ඔහොම ටික කාලයක් යද්දී ඒ කියන්නේ දැන් රිසල්ට් එනකන් ගෙදර ඉන්න කලේ අයෙ අපේ කණ්ඩායමේ හිටපු කෙනෙක් මාත් එක්ක ගොඩක් මිත්‍ර උනා (එයා කෙල්ලෙක් ).අලුත් ෆෝන් එකකුත් තිබ්බ නිසා දවසම ඔකේ එල්ලිලා කෙටි පණිවිඩ හුවමාරුව තමා මගේ රාජකාරිය ...උදේ Good Morning මැසේජ් එකෙන් පටන්න ගන්න අපි නවත්තන්නේ මහ රෑ වෙලා .... දිගටම මේ විදියට කාලය ගත උනා.දෙන්නට දෙන්නා එකිනෙකාගේ ප්‍රශ්න වලට උදව් කරා,යාළුවන්ට උදව් කරා.ඔය විදියට කාලය ගත උනා. එයා ගැන මගේ හිතේ ගොඩක් ලොකු පැහැදීමක් තිබුණා.එයා ගොඩක් ගුණ යහපත් අහිංසක චරිතයක්.මගේ හිතේ එයා ගැන අමුතු හැඟීමක් තිබුණා ඒක අදරයක්ම නෙමේ අනේ මන්දා මට ඒක තේරුම් කරන තේරෙන්නේ නෑ අනික මට ඒක එයාට කියාගන්න තේරුනෙත් නෑ

ටික කලෙකදී එයා මාත් එක්ක කතා කරන ඒක නැවැත්තුවා.එකට හෙතුවක් මට කිව්වේ නෑ.මම අදටත් හිතෙන්නේ එකට හේතුව මගේ දුප්පත් කම සහ මගේ පවුල් පසුබිම..මමත් එයාට කරදරයක් වෙන්න ගියේ නෑ.මම මගේ පාඩුවේ හිටියා...මේක නිකන් සරල දෙයක් උනාට කතාව ඇතුලේ සෑහෙන්න ගැඹුරු වේදනාවක් අදටත් මට දැනෙනවා...ඒක නිසාමයි එයා ගැන මිට වඩා මම කතා නොකරන්නේ..ඒක මගේ මතක මාලිගාවේ   අතිශය රහසිගත කොටසට දාලා තියෙන්නේ.මොකද මේ ගැන දන්න එකම කෙනා මම විතරක් නිසා.

මගේ ජිවිතේ දියුණුවට හේතුවුන හෝ වෙන්න තියන කාරණා වලට මුල් වුන කෙනෙක් එයා.ඒක නම් මට කවදාවත් අමතක වෙන්නේ නෑ.අදටත් මම ඔයාට ආදරේ කරන්නේ නෑ එත් ඔයා ඔයා වෙනුවෙන් හිතේ තිබුන පැහැදීම නම් නැති වෙලා නෑ

මා දෙස නෙත් නොපියා බලාපූ...
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ...
වැඩිපුර මාත් එක්ක නොආපූ...
මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපූ...
ඔබ තවමත් ඇය තමයි..
ඔබ තවමත් ඇය තමයි..
ඔබ තවමත් ඇය තමයි..
මගෙ හිත හදාපූ...


හිතුමතේ පාවෙනා හිත හැදෙයිලු...
ක්ෂිතිජයේ ගැවිලා මොකටද දුකයිලු...

හිමි නොවෙනා බව දැනුනත් වෙන්වීමක් නොමැති .1


හිමි නොවෙනා බව දැනුනත් වෙන්වීමක් නොමැති .1........

හිතන්න පටන් ගත්තම හිත සෑහෙන්න දුර යන්න ගන්නවා .ඒ නිසා ලඟම අතීතෙන් පටන් ගන්න හිතුවා .
මේ උසස් පෙළ පටන් ගත්ත මුල්ම අවදිය.හිතපු විදියටම මම කොළඹ ප්‍රදාන පෙළේ පාසලකට යන්න ලැබුනා
හිත ටිකක් නිදහස් වෙලා තිබුනේ කරදර කාර විබාග මානසිකත්වය ඉවර වෙලා තිබුණු නිසා .පුරුදු විදියට ජිවිතේ නිදහසේ ගලාගෙන ගියා ..මේ අතරේ මම අයෙත් දහම් පාසල් යන්න පටන් ගත්තා .මම ගොඩක්ම ආස කරපු තැනක් දහම්පාසල .මගේ ජිවිතේ මුල් කාලේ මට අලුත් අත්දැකීම් ගොඩක් ලැබුන තැනක් මගේ දහම්පාසල .ම්ම්ම් කතාව පටන් ගන්නත් අමතක වෙනවා ...කොහොමෙන් කොහොම හරි මම දහම් පාසල් ගියා .ඒ අවසන් වසරේ පන්තියට.පරණ යාලුවෝ අයෙත් හම්බුනා ටිකෙන් ටික කලේ ගෙවිලා ගියා .
මම දහම්පාසලේ පන්තියේ හැමදාම වාඩි වෙන්නේ එකම තැන.මගේ ඉස්සරහට කෙලින්ම පේන්නේ අපිට වඩා අවුරුද්දක් බාල අය ඉන්න පන්තිය.ඒ පන්තියේ ගැනු ළමයින්ගේ එක පෝලිමක් හරියටම තියෙන්නේ මම ඉන්නේ කෙලින්ම මුණ දාලා.. පන්තියේ ටීචර් උගන්නන ගමන් මට හිටපු ගමන් නිකන්ම ඉස්සරහ බැලෙනවා ..එයත් හිටියේ මම ඉන්න පැත්තට මුණ දාලා වාඩි වෙලා.අහ්හ් කවුද මේ එයා ?? කියන්න බැරි උනානේ එයා මට වඩා වයසින් බාල නංගි කෙනෙක්.ටිකක් අමුතු කෙනෙක්,එයාට වඩා ලස්සණ අය දහම්පාසලේ හිටියා එත් අනිත් අයට වඩා අමුතු ලස්සනක් මම එයාගේ දැක්කා.අනේ මන්දා මට එක විස්තර කරන්න තේරෙන්නේ නෑ කොහොම උනත් මම ඉතින් විශේෂ උනන්දුවක් දැක්වුවේ නෑ වෙනදා වගේම හිටියා
මිස් උගන්නවා, මම වටපිට බලනවා නිකන්ම අර පැත්ත බැලෙනවා,එතකොට එයත් බලනවා මම ටක්ගාල අහක බලාගන්නවා.හැම ඉරිදම ඔහොම තමා.

ඔහොම ටික දවසක් යනකොට දෙන්නට දෙන්නා බලනවා වැඩි වගේ.ඒ ඇස් දිහා බලන එක මට පුරුද්දට ගිහින් තිබුනේ. එක දවසක් මහ අමුතු දෙයක් උනා.පොඩි මල්ලි කෙනෙක් මගෙන් ඇවිල්ලා අහනවා "අයියේ
ඔයාට කෙල්ලෙක් ඉන්නවද ?" කියල.මම හිනා වෙලා ඇහුවා මොකෝ බං මේ එකපාරටම කියලා.එක පාරටම අත දික්කරල මු කියාපි අන්න අර අක්කා අහන්න කිව්වා කිව්වේ කියලා.මම හැරිලා බැලුවා.මට හිතා ගන්නත් බෑ.ඒ එයා .එයා එක පාරට අහක බලා ගත්තා.මම ඉතින් පොඩි එකාට කිව්වා ගිහින් කියපන් මම තාම පොඩි කොල්ලා කියලා.ඕනේ නම් එයාටම ඇවිත් මාත් එක්ක කතා කරන්න කියලා.මෙන්න ටික වෙලාවකින් මු අයෙ එනවා පොඩි කොළ කෑල්ලක් අරගෙන.ඒ අරයගෙ නම්බර් එක.යටින් නමත් ලියලා තිබුණා.මම ආයේ හැරිලා බැලුවා එයා දිහා.එයා හිනා වෙනගමන් අතින් පෙන්නුවා කෝල් කරන්න කියලා .
මම ටිකක් විතර හොල්මන් එත් පට්ට හැපී.ඒ මොකද මම කලින් කියපු දෙයක් ඇත්ත උනා.ඒ තමා මම කලින් අපේ සෙට් එකට කියලා තිබ්බා මම කවදාවත් කෙල්ලෙක්ට නම්බර් එක දෙන්නේ නෑ කෙල්ලෙක් මට දුන්නොත් ඇරෙන්න කියලා .කියපු විදියටම උනා.ඉතින් ගෙදර ගිහින් කතා කරලා,සෙට් වෙලා,ක්ලාස් ඉවරවෙන වෙලාවට හම්බෙලා ,බස් එකේ එකට ගිහිල්ලා වගේ දේවල් ටිකක් උනා.සබ්ජෙක්ට් එක ගැන ඒ තරම් දැනීමක් නැති උනාට බොක්කෙන් වැඩ කරා ....කොහොමෙන් කොහොම හරි එකට

ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනීම මගේ නෙතට කඳුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

ඔන්න ඔහොම උනා .මොනා කරන්නද ඉතින් මටත් හිතා ගන්න බෑ .ඒ තරම් ගානකුත් නෑ .පස්සේ ආරංචි උනා එයා කාගේත් සුන්දරී කියලා .එයාව මතක් වෙන්න කියල කිසිම දෙයක් මං ළඟ නෑ...අහ්හ් නෑ නෑ
එයාට දෙන්න ගත්ත නම නොලියපු වෙසක් කාර්ඩ් එකක් තාමත් මං ළඟ තියනවා....  

ඒ මිදී තිතයි කියාගෙන අපිටත් දවසක ඉර පායයි කියල හිතාගෙන මගේ ජිවිතේ ඉස්සරහට ගලාගෙන ගියා .

..to be continued....






Thursday, July 19, 2012

නිමාවිය ආදරය

              


නිමාවිය ආදරය



අදින් පසුව මා හට ජිවිතෙන් වැඩක් නෑ

වෙනදා මෙන් මුහුණේ සිනහ රැඳෙන් නෑ

මගේ අඳුර දුරු කල ඔබ දැන් මගේ ළඟ නෑ

ඔබ මා හැර ගිය බව මගේ සිත පිලිගන් නෑ


මා හට ඔබ වූ පොරොන්දු අද බිඳ දැමුවත්

නෑ වෛරයක් මගේ හිතේ කොනක වත්

එදා කියූ වදන් ඔබ හට අමතක වෙන්නත්

පව් කරලා ඇති මම පෙර ආත්මෙකදී වත්


ඔබේ අත ගන්නා සිහිනයේ ජිවත් වීලා

මව් පිය නෑ සිය මිතුරන් අතහැර දාලා

කරගත් පව වැටහෙන්නේ පහුවෙලා

මා දැන් ජිවය මරණය අතර සිරවෙලා


කිසිදා ඔබේ අසලක මා නොරැඳී ඉන්නම්

සිහිනෙන් හෝ ළඟ හිදිමින් ඔබ සුරකින්නම්

මේ පද පෙළ හින්දා ඔබේ හිත රිදුනා නම්

සමාවෙන්න මා මෙතනින් නවතින්නම්



..........කේ.ටි............