Search This Blog

Saturday, October 13, 2012

හිමි නොවෙනා බව දැනුනත් වෙන්වීමක් නොමැති .1


හිමි නොවෙනා බව දැනුනත් වෙන්වීමක් නොමැති .1........

හිතන්න පටන් ගත්තම හිත සෑහෙන්න දුර යන්න ගන්නවා .ඒ නිසා ලඟම අතීතෙන් පටන් ගන්න හිතුවා .
මේ උසස් පෙළ පටන් ගත්ත මුල්ම අවදිය.හිතපු විදියටම මම කොළඹ ප්‍රදාන පෙළේ පාසලකට යන්න ලැබුනා
හිත ටිකක් නිදහස් වෙලා තිබුනේ කරදර කාර විබාග මානසිකත්වය ඉවර වෙලා තිබුණු නිසා .පුරුදු විදියට ජිවිතේ නිදහසේ ගලාගෙන ගියා ..මේ අතරේ මම අයෙත් දහම් පාසල් යන්න පටන් ගත්තා .මම ගොඩක්ම ආස කරපු තැනක් දහම්පාසල .මගේ ජිවිතේ මුල් කාලේ මට අලුත් අත්දැකීම් ගොඩක් ලැබුන තැනක් මගේ දහම්පාසල .ම්ම්ම් කතාව පටන් ගන්නත් අමතක වෙනවා ...කොහොමෙන් කොහොම හරි මම දහම් පාසල් ගියා .ඒ අවසන් වසරේ පන්තියට.පරණ යාලුවෝ අයෙත් හම්බුනා ටිකෙන් ටික කලේ ගෙවිලා ගියා .
මම දහම්පාසලේ පන්තියේ හැමදාම වාඩි වෙන්නේ එකම තැන.මගේ ඉස්සරහට කෙලින්ම පේන්නේ අපිට වඩා අවුරුද්දක් බාල අය ඉන්න පන්තිය.ඒ පන්තියේ ගැනු ළමයින්ගේ එක පෝලිමක් හරියටම තියෙන්නේ මම ඉන්නේ කෙලින්ම මුණ දාලා.. පන්තියේ ටීචර් උගන්නන ගමන් මට හිටපු ගමන් නිකන්ම ඉස්සරහ බැලෙනවා ..එයත් හිටියේ මම ඉන්න පැත්තට මුණ දාලා වාඩි වෙලා.අහ්හ් කවුද මේ එයා ?? කියන්න බැරි උනානේ එයා මට වඩා වයසින් බාල නංගි කෙනෙක්.ටිකක් අමුතු කෙනෙක්,එයාට වඩා ලස්සණ අය දහම්පාසලේ හිටියා එත් අනිත් අයට වඩා අමුතු ලස්සනක් මම එයාගේ දැක්කා.අනේ මන්දා මට එක විස්තර කරන්න තේරෙන්නේ නෑ කොහොම උනත් මම ඉතින් විශේෂ උනන්දුවක් දැක්වුවේ නෑ වෙනදා වගේම හිටියා
මිස් උගන්නවා, මම වටපිට බලනවා නිකන්ම අර පැත්ත බැලෙනවා,එතකොට එයත් බලනවා මම ටක්ගාල අහක බලාගන්නවා.හැම ඉරිදම ඔහොම තමා.

ඔහොම ටික දවසක් යනකොට දෙන්නට දෙන්නා බලනවා වැඩි වගේ.ඒ ඇස් දිහා බලන එක මට පුරුද්දට ගිහින් තිබුනේ. එක දවසක් මහ අමුතු දෙයක් උනා.පොඩි මල්ලි කෙනෙක් මගෙන් ඇවිල්ලා අහනවා "අයියේ
ඔයාට කෙල්ලෙක් ඉන්නවද ?" කියල.මම හිනා වෙලා ඇහුවා මොකෝ බං මේ එකපාරටම කියලා.එක පාරටම අත දික්කරල මු කියාපි අන්න අර අක්කා අහන්න කිව්වා කිව්වේ කියලා.මම හැරිලා බැලුවා.මට හිතා ගන්නත් බෑ.ඒ එයා .එයා එක පාරට අහක බලා ගත්තා.මම ඉතින් පොඩි එකාට කිව්වා ගිහින් කියපන් මම තාම පොඩි කොල්ලා කියලා.ඕනේ නම් එයාටම ඇවිත් මාත් එක්ක කතා කරන්න කියලා.මෙන්න ටික වෙලාවකින් මු අයෙ එනවා පොඩි කොළ කෑල්ලක් අරගෙන.ඒ අරයගෙ නම්බර් එක.යටින් නමත් ලියලා තිබුණා.මම ආයේ හැරිලා බැලුවා එයා දිහා.එයා හිනා වෙනගමන් අතින් පෙන්නුවා කෝල් කරන්න කියලා .
මම ටිකක් විතර හොල්මන් එත් පට්ට හැපී.ඒ මොකද මම කලින් කියපු දෙයක් ඇත්ත උනා.ඒ තමා මම කලින් අපේ සෙට් එකට කියලා තිබ්බා මම කවදාවත් කෙල්ලෙක්ට නම්බර් එක දෙන්නේ නෑ කෙල්ලෙක් මට දුන්නොත් ඇරෙන්න කියලා .කියපු විදියටම උනා.ඉතින් ගෙදර ගිහින් කතා කරලා,සෙට් වෙලා,ක්ලාස් ඉවරවෙන වෙලාවට හම්බෙලා ,බස් එකේ එකට ගිහිල්ලා වගේ දේවල් ටිකක් උනා.සබ්ජෙක්ට් එක ගැන ඒ තරම් දැනීමක් නැති උනාට බොක්කෙන් වැඩ කරා ....කොහොමෙන් කොහොම හරි එකට

ටික කලක සිටන් මා අමතක වන බව දැනුනා
අද මට නොදැනීම මගේ නෙතට කඳුළු පිරෙනවා
පිපි මලක් එලෙස මහා වන මැද පරවී යනවා
ලංවී සිටි ඔබ මාගෙන් ඈතට ඉගිලෙනවා

ඔන්න ඔහොම උනා .මොනා කරන්නද ඉතින් මටත් හිතා ගන්න බෑ .ඒ තරම් ගානකුත් නෑ .පස්සේ ආරංචි උනා එයා කාගේත් සුන්දරී කියලා .එයාව මතක් වෙන්න කියල කිසිම දෙයක් මං ළඟ නෑ...අහ්හ් නෑ නෑ
එයාට දෙන්න ගත්ත නම නොලියපු වෙසක් කාර්ඩ් එකක් තාමත් මං ළඟ තියනවා....  

ඒ මිදී තිතයි කියාගෙන අපිටත් දවසක ඉර පායයි කියල හිතාගෙන මගේ ජිවිතේ ඉස්සරහට ගලාගෙන ගියා .

..to be continued....






No comments:

Post a Comment