නිමාවිය ආදරය
අදින් පසුව මා හට ජිවිතෙන් වැඩක් නෑ
වෙනදා මෙන් මුහුණේ සිනහ රැඳෙන් නෑ
මගේ අඳුර දුරු කල ඔබ දැන් මගේ ළඟ නෑ
ඔබ මා හැර ගිය බව මගේ සිත පිලිගන් නෑ
මා හට ඔබ වූ පොරොන්දු අද බිඳ දැමුවත්
නෑ වෛරයක් මගේ හිතේ කොනක වත්
එදා කියූ වදන් ඔබ හට අමතක වෙන්නත්
පව් කරලා ඇති මම පෙර ආත්මෙකදී වත්
ඔබේ අත ගන්නා සිහිනයේ ජිවත් වීලා
මව් පිය නෑ සිය මිතුරන් අතහැර දාලා
කරගත් පව වැටහෙන්නේ පහුවෙලා
මා දැන් ජිවය මරණය අතර සිරවෙලා
කිසිදා ඔබේ අසලක මා නොරැඳී ඉන්නම්
සිහිනෙන් හෝ ළඟ හිදිමින් ඔබ සුරකින්නම්
මේ පද පෙළ හින්දා ඔබේ හිත රිදුනා නම්
සමාවෙන්න මා මෙතනින් නවතින්නම්
..........කේ.ටි............
බ්ලොග් එකක් පටන් අරන් ................හොඳයි හොඳයි අපි බලාගෙන ඉන්නේ......
ReplyDeleteඔව් නිකන් හිතුනා එකක් පටන් ගන්න.....මුල්ම කමෙන්ට් එක ඔයාගේ ස්තුති සහයෝගයට
ReplyDelete