Search This Blog

Thursday, July 19, 2012

නිමාවිය ආදරය

              


නිමාවිය ආදරය



අදින් පසුව මා හට ජිවිතෙන් වැඩක් නෑ

වෙනදා මෙන් මුහුණේ සිනහ රැඳෙන් නෑ

මගේ අඳුර දුරු කල ඔබ දැන් මගේ ළඟ නෑ

ඔබ මා හැර ගිය බව මගේ සිත පිලිගන් නෑ


මා හට ඔබ වූ පොරොන්දු අද බිඳ දැමුවත්

නෑ වෛරයක් මගේ හිතේ කොනක වත්

එදා කියූ වදන් ඔබ හට අමතක වෙන්නත්

පව් කරලා ඇති මම පෙර ආත්මෙකදී වත්


ඔබේ අත ගන්නා සිහිනයේ ජිවත් වීලා

මව් පිය නෑ සිය මිතුරන් අතහැර දාලා

කරගත් පව වැටහෙන්නේ පහුවෙලා

මා දැන් ජිවය මරණය අතර සිරවෙලා


කිසිදා ඔබේ අසලක මා නොරැඳී ඉන්නම්

සිහිනෙන් හෝ ළඟ හිදිමින් ඔබ සුරකින්නම්

මේ පද පෙළ හින්දා ඔබේ හිත රිදුනා නම්

සමාවෙන්න මා මෙතනින් නවතින්නම්



..........කේ.ටි............

2 comments:

  1. බ්ලොග් එකක් පටන් අරන් ................හොඳයි හොඳයි අපි බලාගෙන ඉන්නේ......

    ReplyDelete
  2. ඔව් නිකන් හිතුනා එකක් පටන් ගන්න.....මුල්ම කමෙන්ට් එක ඔයාගේ ස්තුති සහයෝගයට

    ReplyDelete